Friday, January 4, 2013

මානව සම්බන්ධතා සහ ගණුදෙනු

මේ පෝස්ට් එක කොහොම පටන් අරන් කොහොම ලියන්නද කියලා මටම හිතාගන්න බැහැ. මට හිතෙන විදියට  ලෝකේ තියෙන හැම සම්බන්ධතාවයක්ම ගනුදෙනුවක්. හෑ.......මේක මහ අලුගුත්තේරු කුප්ප කතාවක් විදියට කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් ටිකක් විමර්ශණශීලීව හිතල බැලුවොත් මගේ ප්‍රකාශයේ වරදක් නැති බව ඔයාලට තේරේවි. අපි උදාහරණයක් විදියට ලෝකේ තියෙන සුලබම සම්බන්ධතාවක් වන කොල්ලෙක් කෙල්ලෙක් අතරේ එහෙම නැතිනම් අඹු සැමි යුවලක් අතරේ තියෙන සම්බන්ධතාවය සලකා බලමු. (අනේ ඉතින් කොච්චර ඕවා සුලබ උනත් මේ කේඩී නම් තාම තනිකඩයා........පව් නේ.....!)

තමන්ගේ Girl Friend ට එහෙම නැත්නම් Boy Friend ට එක දවසක් කතා කරන්න හරි SMS එකක් කොටන්න හරි බැරි උනාම බුම්ගෙන ඉන්නේ එහම නැත්නම් Hint පාස් කරන්නේ ඇයි? ඇය හෝ ඔහු ඔබට ආදරය කරනවා වගේම ඔබෙන් ආදරය වචනෙකින් හරි බලාපොරොත්තු වෙන නිසා. ගණුදෙනුවක් කියලා කියන එක සරලව නිර්වචනය කලොත් එය යමක් ලබා දී (මුදල් හෝ භාන්ඩයක්) තමාට වටිනා හෝ අවශ්‍ය වන යමක් ලබා ගැනීම ලෙස අර්ථ නිරූපනය කල හැකියි. ඉතින් ඔබ හිතා බලන්න මේ මානව සම්බන්ධතා කියල කියන ඒවා සහ ගණුදෙනු අතරේ මොන තරම් සම්බධතාවයක් තියෙනවද කියලා.

හරි අපි තව උදාහරනයක් අරගෙන බලමු. අපේ රත්තරං දෙමාපියෝ පුංචි කාලේ ඉදලා අතක් පයක් නොකඩා අපිව හදලා ලොකු මහත් කරලා, හොදට උගන්නලා සමාජයට වැදගත් මිනිස්සු කරපු එකට වන්දි ගෙවන්න මුලු ජීවිත කාලෙම දෙමාපිය උපස්ථානය වෙනුවෙන් වැය කලත් අපිට බැහැ. එත් ඒ දෙමාපියන්ගේ හිතෙත් පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවා ඒගොල්ලෝ වයසට ගිය දවසක දරුවෝ ඒ ගොල්ලන්ව ‍රැක බලා ගනීවි කියලා. ඒ හැගීම සමහර විට පිටට නොපෙනෙන්න පුලුවන්..... නමුත් පෘතක්ජන මිනිස්සු විදියට මේ හැගීම් හැම මනුස්සයෙක් ගාවම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ රත්තරං දෙමාපියන්ගේ පුංචිම පුංචි බලාපොරොත්තුව හැකි උපරිමයෙන් ඉ‍ටු කිරීම දරුවන් විදියට අපි හැමෝගෙම වගකීමක් වගේම යුතුකමක්. නමුත් මෙතැන තියෙන්නෙත් ගණුදෙනුවක් බව විමර්ශණශීලී මනසකින් බලන ඕනම කෙනෙකුට තේරේවී.

මේ විදියට මේ සංකල්පය ගුරු-ගෝල, ගිහි-පැවිදි....... වගේ ඕනෑම මානව සම්බන්ධතාවයකට අදාල කරලා බලන්න. එතකොට ඔබට තේරේවී මේ පෘතක්ජන ලෝකයම පිරිලා තියෙන්නේ ගණුදෙනු වලින් විතරයි කියලා. එතකොට ඔබට ප්‍රශ්නයක් නැගේවී ගණුදෙනු වලින් තොර සම්බන්ධතා ලෝකයේ ඇත්තෙම නැතිද කියලා.......මම එකට මෙහෙම උත්තරයක් දෙන්නම් ඒ වගෙ සම්බන්ධතා තියෙනවා.....හැබැයි දැන්ම කියන්නේ නැහැ. දන්න අය කොමෙන්ට් කරමුකෝ බලන්න.......

මේක මගේ පලවෙනි පොස්ට් එක......ඉතින් ඔයාලගේ යෝජනා චෝදනා, ගල්, මල්, සියල්ලක්ම සුහද සිතින් බාරගන්න මම සූදානම්.....මම ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න ලිපි වලට ඔයාලගේ අදහස් අතිශයින්ම වැදගත් ඒක නිසා මේ පැත්තේ ආවොත් කොමෙන්ට් එකක් කොටලම යන්න.....

එහෙනම් හැමෝටම මානසික නිදහස උපරිම වෙන සුභ දිනයක් වේවා........!

7 comments:

  1. තනිය මැකෙන්න කෙනෙක් හොයාගන්න කාලේ හොඳයි වගේ. අනෙක ෆලොවර් ගැජට් එකත් දාන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අදහසට බොහෝම ස්තුතියි.....කෝරලේ මහත්තයා......! දන්න කියන කවුරුවත් නැද්ද ගම් පලතේ ....මං අහන්නේ මේ පාලු මකා ගන්න.......

      Delete
  2. //ලෝකෙ තියන හැම සම්බන්ධතාවයක්ම ගණුදෙනුවක්// එහෙම හැකි කාලයක් වැඩිකල් නොගිහින් උදාවේවා යැයි හැමදාම පතනවා. දැනට තියෙන්නෙ වැඩියෙන් බලහත්කාරකම් අඩුවෙන් ගණුදෙනු!!!!!

    ReplyDelete
    Replies
    1. අදහසට බොහෝම ස්තුතියි......නමුත් මම විශ්වාස කරන හැටියට ගණුදෙනු නොවන සම්බන්ධතා ඉතාම අතලොස්සක් තියෙනවා.......නැවතත් නිවාඩු පාඩු වෙලාවක ඇවිත් යන්න එන්න........!

      Delete
  3. දරු-දෙමව්පිය ගණු-දෙනුව ගැන මගේ අදහස මෙයයි.

    බලන්න: http://kathandara.blogspot.com.au/2010/12/blog-post.html

    මානව සංහතිය රැකෙන්නේ එළෙසයි.

    ReplyDelete
    Replies
    1. kaka methantath aewith link ekak dhaalaa.

      Delete
    2. ඔබ හරි කතන්දර..... නමුත් මම හිතන්නේ එහෙම කරලවත් ඒ රත්තරං දෙමාපියෝ අපි වෙනුවෙන් කල දේවල් වලට නය ගෙවන්න බැහැ කියලයි......එත් ඉතින් අපිට කියල වෙන කරන්න දෙයකුත් නැහැ.

      ලෝකයම පිරිලා තියෙන්නේ ගණුදෙනු වලින්......!

      Delete